Posts

පියාගේ අවසන් මොහොත ගැන එක සිය හතරක් වසරින්           පසුකොට ජීවන ගමනක් සරලව                නිම කොට යාමට අවසර ඉල්ලන               විලසට ඇස් හැර බැලුවා මොහොතක්    වටපිට   එදිනම අවසර ඉල්ලන              බව මට දැනුනා ඔබගේ ඉරියව්              විලසට ළඟින්ම සිටියා අන්තිම             මොහොතට ලැබුණා දැනුමක් ගැලපෙන        දහමට   අවසර ගන්නට හැම දෙන         එක්කොට කැඳවා ගත්තා දරුවන්             අසලට දහමට සිත් යොමු කරගෙන      සිටුමට ඔබ ඉඩ හැරියා සිහියෙන්        සිටුමට   අවසන් මොහොතක් ගත් වන    හැටි මට සතියෙන් සිටගෙන හැකිවිය     බලනට ඒ පණ ඔබටම ලබා              දෙවන්නට කටයුතු කෙරුවා පිරිමැද         සිරසට   කවදත්ජී විතෙ චාමෙට            ගත කල කිසිදින කිසිවක් ඉල්ලුම්          නොමකල අල්පය හැම විට සතුටින්         අගේ කළ ඔබේ නම් ඇලුමක් නොතිබුණි   සිත තුළ   ඔත්පල වූ පසු මම කවි           ලීවා ඔබගේ කෙරුමන් මම එහි      කීවා ඔබ මට හැම විට ගුරුහරු      වූවා කෙලින් සිටින්නට පෙරහුරු     පෑවා දහමට නැඹුරුව ජීවිතේ             බැලුම්ට ඔබගේ පැවැත්ම පිහිටක්           විය මට