පියාගේ අවසන් මොහොත ගැන එක සිය හතරක් වසරින් පසුකොට ජීවන ගමනක් සරලව නිම කොට යාමට අවසර ඉල්ලන විලසට ඇස් හැර බැලුවා මොහොතක් වටපිට එදිනම අවසර ඉල්ලන බව මට දැනුනා ඔබගේ ඉරියව් විලසට ළඟින්ම සිටියා අන්තිම මොහොතට ලැබුණා දැනුමක් ගැලපෙන දහමට අවසර ගන්නට හැම දෙන එක්කොට කැඳවා ගත්තා දරුවන් අසලට දහමට සිත් යොමු කරගෙන සිටුමට ඔබ ඉඩ හැරියා සිහියෙන් සිටුමට අවසන් මොහොතක් ගත් වන හැටි මට සතියෙන් සිටගෙන හැකිවිය බලනට ඒ පණ ඔබටම ලබා දෙවන්නට කටයුතු කෙරුවා පිරිමැද සිරසට කවදත්ජී විතෙ චාමෙට ගත කල කිසිදින කිසිවක් ඉල්ලුම් නොමකල අල්පය හැම විට සතුටින් අගේ කළ ඔබේ නම් ඇලුමක් නොතිබුණි සිත තුළ ඔත්පල වූ පසු මම කවි ලීවා ඔබගේ කෙරුමන් මම එහි කීවා ඔබ මට හැම විට ගුරුහරු වූවා කෙලින් සිටින්නට පෙරහුරු පෑවා දහමට නැඹුරුව ජීවිතේ බැලුම්ට ඔබගේ පැවැත්ම පිහිටක් විය මට